Posts

Image
මීට වසර 4000 ක තරම් එපිට දී පෙරදිග සෘෂිවරුන් විසින් නිර්මාණය   කරන ලදුව ,ඉන්දීයාව මුල්කරගනිමින් පෙරදිග ලෝකයේ විකාශනයවූ ලොව පුරා ඉතාම ගෞරවයෙන්   යුතුව භාවිත වන වාස්තු විද්‍යා නියමයන් නිසි පරිදි උපයෝගී කරගැනීමෙන් පවුලේ සාමාජිකයන්ට සමගි සම්පන්නව වාසය කළහැකි,   තුන් බියෙන් තොරවූ වාසනාව හා සෞභාග්‍ය සපිරි නිවාසක් නිර්මාණ කරගැනීමට හැකි බව අප සමාජයේ ප්‍රකට විශ්වාසයකි. ලංකාවේ ජනතාව අතර ප‍්‍රචලිත වාස්තු විද්‍යාව සම්ප‍්‍රදායයන් දෙකක් මත පදනම්ව තිබේ. එනම් විශ්ව කර්ම මූලික වාස්තු විද්‍යාව සහ ඉසි මූලික වාස්තු විද්‍යාව ලෙසය. මෙම ක‍්‍රමවේද දෙක අතරේ පවතින මාන ක‍්‍රම    පවා විවිධත්වයක් ගනී. මෙම අගනා ශාස්ත‍්‍රයට නොයෙකුත් විදේශීය සම්ප‍්‍රදායන්ගේ ආභාෂය ලැබී තිබේ. අප විසින් භාවිත කරනුයේ මගේ මී මුත්තනුවන් වන කේ. ජී කරෝලිස් නොහොත් කැබිලියපොල අප්පුහාමි ගේ පරපුරෙන් පැවත එන ලංකාවේ දකුණු පළාත මුල්කරගෙන මීට වසර 100කට වඩා කාලයක් තිස්සේ ඉදිරියට රැගෙන එන සිංහල ගෘහ නිර්මාණ සම්ප‍්‍රදායේ පාරම්පරික දැනුම් සම්භාරය කැටිකොටගත් තිථිපාද ශාස්ත‍්‍රය හා විශ්ව කර්ම මූලික වාස්තු විද්‍යාවයි. අප ගුරුකුලය සුවිශේෂ