මීට වසර 4000 ක තරම් එපිට දී පෙරදිග සෘෂිවරුන් විසින් නිර්මාණය  කරන ලදුව ,ඉන්දීයාව මුල්කරගනිමින් පෙරදිග ලෝකයේ විකාශනයවූ ලොව පුරා ඉතාම ගෞරවයෙන්  යුතුව භාවිත වන වාස්තු විද්‍යා නියමයන් නිසි පරිදි උපයෝගී කරගැනීමෙන් පවුලේ සාමාජිකයන්ට සමගි සම්පන්නව වාසය කළහැකි,  තුන් බියෙන් තොරවූ වාසනාව හා සෞභාග්‍ය සපිරි නිවාසක් නිර්මාණ කරගැනීමට හැකි බව අප සමාජයේ ප්‍රකට විශ්වාසයකි.

ලංකාවේ ජනතාව අතර ප‍්‍රචලිත වාස්තු විද්‍යාව සම්ප‍්‍රදායයන් දෙකක් මත පදනම්ව තිබේ. එනම් විශ්ව කර්ම මූලික වාස්තු විද්‍යාව සහ ඉසි මූලික වාස්තු විද්‍යාව ලෙසය. මෙම ක‍්‍රමවේද දෙක අතරේ පවතින මාන ක‍්‍රම  පවා විවිධත්වයක් ගනී. මෙම අගනා ශාස්ත‍්‍රයට නොයෙකුත් විදේශීය සම්ප‍්‍රදායන්ගේ ආභාෂය ලැබී තිබේ.

අප විසින් භාවිත කරනුයේ මගේ මී මුත්තනුවන් වන කේ. ජී කරෝලිස් නොහොත් කැබිලියපොල අප්පුහාමි ගේ පරපුරෙන් පැවත එන ලංකාවේ දකුණු පළාත මුල්කරගෙන මීට වසර 100කට වඩා කාලයක් තිස්සේ ඉදිරියට රැගෙන එන සිංහල ගෘහ නිර්මාණ සම්ප‍්‍රදායේ පාරම්පරික දැනුම් සම්භාරය කැටිකොටගත් තිථිපාද ශාස්ත‍්‍රය හා විශ්ව කර්ම මූලික වාස්තු විද්‍යාවයි.

අප ගුරුකුලය සුවිශේෂ වනුයේ වාස්තු දෝෂ ඉවත් කිරීමේදී අප පරපුරට පමණක්ම ආවේනිකවූ  පුරාතන ක්‍රමව්වේදයන් භාවිතා කරමින්  කඩා වෙනස් කිරීම් වෙනුවට සරල පාරම්පරික කෙම්  ක්‍රම භාවිතාකර එම වාස්තු දෝෂ ඉවත් කරන එකම ගුරුකුලය බැවිනි

 

එම පාරම්පරික දැනුම මුත්තනුවන්  මගේ පියා වෙත ලබාදුන් අතර  මගේ පියා දකුණු පළාතේ ඉමහත් ප්‍රසිද්ධ වාස්තු විද්‍යානුකුල ගෘහනිර්මාණ ශිල්පියෙකු වන ශාස්ත්‍රවේදී කේ. ජී ප්‍රේමදාස ගමගේ  මහතා වන අතර ඔහු 80 දශකයේ ලංකාවේ ජනප්‍රිය ජ්‍යෝතිෂ පුවත්පත වූ ඉරණම පුවත්පතේ වාස්තු විද්‍යාවෙන් වැඩක් ගනිමු යන ශීර්ෂය යටතේ අපගේ පාරම්පරික ශිල්පයෙන් ජනතාව දැනුවත් කළ, අදටත් සුබසෙත සම්පත ආදී පුවත්පත්හි වාස්තුවිද්‍යා ලිපි ආදිය පළකරමින් වාස්තුවිද්‍යාව පිලිබඳ පර්යේෂණ දේශන සම්මන්ත්‍රන ආදිය සිදුකරමින් සිටින ප්‍රකට වාස්තු වේදියෙකි.

පියාගේ මගපෙන්වීමෙන් මම මීට වසර 20ක පමණ කලක සිට මෙම ක්ෂේත්‍රයේ කටයුතු කරන අතර ඔහු සමගින් හා ඔහු වෙනුවෙන් දේශන සම්මන්ත්‍රන ආදියට සම්බන්ධ වෙමින් වාස්තු විද්‍යා    කටයුතුවල නිරත වන්නෙමි. සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබදවද හදාරා එම නුතන දැනුම පාරම්පරික තිථිපාද ශාස්ත‍්‍රය හා විශ්ව කර්ම මූලික වාස්තු විද්‍යාව සමග සංකලනය කරගනිමින් කටයුතු කරන මම වාස්තු විද්‍යානුකූල ඉදිකිරීම් උපදේශකයකු, වාස්තු විද්‍යානුකුල ගෘහනිර්මාණ ශිල්පියෙකු, මෙන්ම වාස්තු විද්‍යානුකුල ඉදිකිරීම් කරුවකු ලෙසද සේවය සලසමින් සිටිමි.

නිවාස ඉදිකිරීමට පෙර සැලසුම්වල වාස්තුදෝෂ නිවැරදි කරදීම , අධික වැය සහිත නිවස, ගෙහිමියාට පල නොදෙන නිවාස ,පැරණි හා පදිංචි නිවාස පරික්ෂාකර ඒවායේ භුමි, ගෘහ, හා ජීව යන තෙවදෑරුම් වාස්තු දෝෂ ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම හා නිවාසවල අය-වැය තුලනය සිදුකරදීම,  වාස්තු විද්‍යානුකුල ගෘහ සැලසුම්කරුවෙකු හා ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු ලෙස නිවැරදි වාස්තු විද්යානුකුල නිවාස ඉදිකිරීමද නිවාස නොවන ගොඩනැගිලි, කර්මාන්ත පවත්වා ගෙන යනු ලබන ස්ථාන, ව්‍යාපාරික ස්ථානයන්හි දියුණුවට බාධකව පවත්නා  වාස්තු දෝෂ නිවැරදි කිරීම සඳහා අවශ්‍ය නිවැරදි උපදෙස් ලබාදීම මගේ සේවාවන් අතර වේ.

Comments